අමතන්න
: 0714 007 494
: 0115 647 564
: Iranamalanka

විශේෂ ලිපි

කොත්මලේ සෙනෙවිරත්න නම් ඔහු .................

       උපන් ගම ඔහුගේ නාමයට එකතු කර ගත් බැවින් හෙතෙම කොත්මලේ සෙනෙවිරත්න නම් විය. ගම ගැන ඔහු සිතන්නේ ඉතා ආඩම්බරයෙනි. එදා රම්බඩ ඇල්ල කඳු වැටියේ සි‍ට පහළට ගලා බසින කොත්මලේ ඔය මායිම් කොට ඊට දෙපැත්තේ පිහිටා ඇති මනහර වෙල් යායක් කෙලවර දක්වා විහිදී ගිය සොඳුරු ගම්මානය එදා ඔහුගේ ළමා සිතද කුල්මත් කරවන සුළු ප්‍රිය දසුනක් බවට පත් විය.

        1961 වසරෙදී එනම් වයස අවුරුදු 14 දී පත්තරයට කවියක් ලියා රුපියල් දහයක තෑග්ගක්ද දිනූ හෙතෙම එදා කවියට මාත්‍රා කර ගනු ලැබුවේද ස්වකීය හද බැදි ගම්මානයම වේ.

                 නවම් මහේ පුරහඳ පායන                                            කලට

                 ගොයම් කපා කෙතකින් පා තබන                                    විට

                 විකුම් සිහල කොත්මල් පවුරෙන්                                    එපිට

                 ගම්බිම් සිනා සිරියෙන් නැහැවේ                                     යසට

      වෙළත් - ගම්මානයත් - පන්සලත් කේන්ද්‍රකොට ගත් පිට්සර බද වූ මේ ‍‍‍‍ඓතිහාසික පුරවරය එදා ගැමුණු කුමරුන්ගේ මෙන්ම කොත්මලේ ගණිතයා නම් වූ මහා ප්‍රාඥයාගේද පා පහස ලැබූ පින්වත් නිජ බිමකි.

      තොවිල් පවිල් - බලියාග- පිරිත් - සොකරි - පන්තේරු ක්‍රිඩා - නැටුම් ආදී සකල විද අපේ හෙළ සංස්කෘතිකාංගයන්ගෙන් බහුල වූ මේ සුන්දර ගම්මානයෙහි හැදී වැඩුණු කොත්මලේ සෙනෙවිරත්නයන් ළමා කාලයේ පටන්ම තොවිල් කවි - ග්‍රහ ශාන්ති කර්ම කවි පොත් ආදී ඉපැරණි පත පොත සොයා ඒවා රසබර ලෙසට ගායනා කළේ ඉමහත් වූ භක්තියාදරයකින්ය.

      ජෝතිෂ්‍ය යනු කුමක්දැයි සොය සොයා පොත් වෙළඳුන් අතර තිබුණු විවිධ පොත පත ගෙන පරිහරණය කළ හෙතෙම ඒ සෑම දෙයක්ම තම සිතේ ගබඩා කොට ගෙන සිය වෘත්තීය නිපුණත්වය කරා වසර 20 කටත් වැඩි කාලයක් සෙමෙන් සෙමෙන් ගමන් කළේය.

       ජෝතිෂයත් - සෙත් කවි - වාස්තු විද්‍යාව හා බුද්ධ මන්ත්‍ර ක්‍රමවේද පිළිබඳවත් පුළුල් විෂය ධාරාවක් ආවරණය කරනු ලබන කොත්මලේ සෙනෙවිරත්නයන් 1980 ගණන් වල පටන් බොහෝ දුරට පුවත් පත් මාධ්‍යයෙන් විශේෂ සමාජ මෙහෙවරක නිරත වීමට පටන් ගත්තේය. වර්ථමානයෙහි කේෂේත්‍රයෙහි ඉතා වැදගත් හා විශ්වාසනීය සමාජ මෙහෙවරක නිරත වන සෙනෙවිරත්නයන් කවුරුදැයි තහවුරු කර ගැනීමට kothmale-senavirathne.com වෙබ් අඩවියෙහි සැරිසරන ලෙසට ඔබට මෙයින් ආරාධනා කරනු ලැබේ.

 

සංස්කාරක

 

 

‹ පෙර 1 පසු ›